අද්මිරාල්  ට්‍රැවිස් සින්නයියා

ලංකාදීප පුවත්පතෙන් උපුටා ගැනීමකි.
(ඉන්දිකා රාමනායක සහ හර්ෂණ තුෂාර සිල්වා )
රියාර් අද්මිරාල් ට්‍රවිස් සින්නයියා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස පත්වීම් ලැබු දා සිටම ඔහු වෙත විවිධ චෝදනා එල්ල විය. වරෙක ඇමෙරිකා එක්සත් ජනපද ඒජන්තවරයකු ලෙස ද චෝදනා එල්ල වූ සින්නයියා මහතා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සැපයුම් ජාලය සහ යුද නෞකා විනාශ කිරීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ප්‍රමුඛතම නිලධරයා විය. විසි එක්වැනි නාවික හමුදාපතිවරයා වන වයිස් අද්මිරාල්  ට්‍රැවිස් සින්නයියා යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වාම නාවික හමුදාවේ සිටි නිලධාරීන් අතළොස්සෙන් කෙනෙකු ද වන්නේය. නාවික හමුදාපතිධුරයට පත්වීමෙන් පසු පළමු සම්මුඛ සාකච්ඡාව ඉරිදා ලංකාදීප පුවත්පතට ලබාදෙමින් මෙසේ අදහස් දැක්වීය.
ප්‍රශ්නය - ඔබ නාවික හමුදාපතිධුරයට පත්වීම සම්බන්ධයෙන් සහ  දේශපාලනඥයන්, ඇතැම් ජනමාධ්‍ය ඇතුළු  පාර්ශ්ව විවිධ චෝදනා කරා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?
පිළිතුර - චෝදනා කියලා දෙයක් නෑ. ඒවා කතා. මිනිස්සු හදන කතා. මම රට වෙනුවෙන් සේවය කරලා තියෙනවා. මම ඉදිරි පෙළ සටන් කර තියෙනවා. යුද්ධය ආරම්භ වූ තැන සිට අවසානය දක්වාම සටන් කළා. මා කිසිදු අවස්ථාවකදී නාවික හමුදාව අතහැර දමා ගියේ නැහැ. අන් සියලූ දෙනාට වඩා මම යුද්ධය සමයේදී මුහුදේ සටන් කළා. මම ප්‍රතිඵල පෙන්වා තිඛෙනවා. මම ජ්‍යෙෂ්ඨ  නිලධාරියෙක් ලෙසත් කනිෂ්ඨ නිලධාරියෙක් ලෙසත් ප්‍රතිඵල පෙන්වා තිඛෙනවා. මට ප්‍රහාර එල්ල වී තිඛෙනවා.  මා ගැන ඇතැම් අය කියන කතා ඊර්ෂියාවට කියන කතා. ඒ නිසා මං ඒවා ගැන තැකීමක් කරන්නේ නැහැ. මම රට වෙනුවෙන් සේවය කර තිඛෙනවා. ඒ සියල්ල නිසා අද මේ පුටුවේ ඉන්නවා.
ප්‍රශ්නය - ඔබ අමෙරිකාවේ ඒජන්තයෙක් කියලත් සමහරු චෝදනා කරනවා? 
පිළිතුර - ඇමැරිකාවේ ඒජන්තවරයෙක් වුනොතින් ඒක හොඳයි. මොකද එහෙම වුණා නම් අපට ලංකාව වෙනුවෙන්   ගොඩක් දේවල් කරන්න තිබුණා.  අපේ ලංකාවේ අය හිතනවානම් ඇමරිකාවේ ඒජන්ත කෙනෙකු වීමෙන් සියල්ල අනිත් පැත්ත හරවන්න පුළුවන් කියලා ඒක වැරදි. ඒක එහෙම කරන්න බැහැ. ඒවා හිතන තරම් ලෙහෙසි පහසු දේවල් නෙමෙයි. අපි  වසර 30  ක්  යුද්ධයක් කළා. එදා කාටවත් ඒක නැවත හරවන්න බැරි වුණා. මම ඇමරිකාවේ තනතුරේ සිටියදී සිදුකළේ මේ රටේ හමුදාවට පුහුණු කටයුතු, නැවත පදිංචිකිරීම, බිම්බෝම්බ ඉවත් කිරීම ආදිය පුහුණු කිරීම. ඒ සම්බන්ධ දේවල් සහ අනෙකුත් දේවල්වලින් අපේ රට දියුණු කරන්න තමයි මම කටයුතු කළේ. අපි වැඩ කළේ රට වෙනුවෙන්. මට ලංකාවට එන්නේ නැතිව වෙනත් රටක සේවය කරන්න තිබුණා. මම කොහේ වැඩකරත් හිතට ගත්තේ ලංකාවේ දියුණුව වෙනුවෙන් වැඩ කරන්නයි. අනෙක් අතට අපිව ඒජන්තයෙක් කරන එක පහසු දෙයක් නෙමෙයි. අපි සටන් කළේ මේ රට වෙනුවෙන්. ඒ නිසා අපිව   එහෙම පහසුවෙන් නම්ම ගන්න බැහැ. අපිව ලේසියෙන් කාගෙවත් ඒජන්තවරු කරගන්න බැහැ.
ප්‍රශ්නය - මුහුදු ආරක්ෂක කටයුතු සිදු කළ  ඇවන්ගාර්ඩ් සමාගම කියනවා තමන්ගේ කාලයේදී ආදායම් ඉපැයූ බවත් නාවික හමුදාවට එම කටයුත්ත පවරා ගත් පසු   ආදායම් අඩු වූ බවත් ඇවන්ගාඩ් ප්‍රධානියා චෝදනා කරනවා ? එය සත්‍යක් ද ?
පිළිතුර - කලින් කීවා වගේ ඒවා චෝදනා නෙමෙයි. ඒවා කතා. ඇවන්ගාඩ් කියන්නේ සමාගමක්. නාවික හමුදාව කියන්නේ රාජ්‍ය නාවික හමුදාව. අපිට නෛතික කරන්න දේවල් තියෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කරන්නේ නාවික හමුදාව. ශ්‍රී ලංකාවට අයත් මුහුද, මේ රටේ උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර ආරක්ෂා කරන්නේ අපි. යුද වැදුණේ අපි. ඒවා කළේ ඇවන්ගාඩ් නෙමෙයි. රටේ සීමාව ආරක්ෂා කරන්නේ රටේ වරායවල් ආරක්ෂා කරන්නේ අපි. යුද්ධය අවසන් කළ පසු ශ්‍රී ලංකාවේ ජනතාව පමණක් නොව අසල්වැසියන් ආරක්ෂා කිරීමේ වගකීමත් අපට ලැබුණා. යුද්ධය අවසන් කිරීමෙන් අපේ රටේ ජනතාවට පමණක් නොව කලාපයේ ආරක්ෂාවට අපට කළ හැක්කේ මොනවාදැයි කියලා අපි බැලූවා.
යුද්ධය අවසන් කළේ කොහොමද කියලා අපෙන් ඇහුවා. අපි යුද්ධය අවසන් කළ පසු සෝමාලි මුහුදු මංකොල්ලකරුවන් පරාජය කරන්නේ කොහොමද කියලා අපෙන් ඇහුවා. අපෙන් තමයි මුලින්ම ඇහුවේ. විවිධ ජාත්‍යන්තර සමුළුවලට වැඩසටහන්වලට ගියාම අපෙන් ඒ ගැන ඇහුවා. මමත් අද්මිරාල් සමරසිංහ අලූත් සංකල්පයක් ගෙනාවා. නාවික හමුදාවේ අපි ‘නැව තුළ ආරක්ෂක කණ්ඩායමක් පිහිටුවීමේ සංකල්පයක් ගෙනාවා. අපි ඒ සංකල්පය ලෝකයට හඳුන්වා දුන්නා. නැවේ ආරක්ෂක කණ්ඩායමක් ඉන්නවා නම්, ඒඩ්න් බොක්කට යද්දි වෙළෙඳාම ආරක්ෂා කරගන්න පුළුවන් බව අප පෙන්වා දුන්නා. ඉන් අනතුරුව ලෝකය පුරා එම සංකල්පය ව්‍යාප්ත වුණා. බටහිර සිට නැගෙනහිරට යන නෞවකා සියල්ල ආරක්ෂා වුණා.
ඇවන්ගාඩ් සමාගම  නාවික හමුදාවෙන් එම කටයුත්ත බාරගත්තා. එයින් විශාල මුදලක් උපයන්න හැකි බව ඔවුන් දැනගත්තා. එයින් මහාපරිමාණ ව්‍යාපාරයක් කළ හැකි බව ඔවුන් පෙනුණා. ඒ වගේම ඇවන්ගාඩ් වෙත එය පවරන්න බොහෝ අය උනන්දු වුණා. බොහෝ අයට එම අවශ්‍යතාව තිබුණා. ඇවන්ගාඩ් වෙත එය පවරන්න කලින් අපි වසර එකාමාරක් එම කර්තව්‍යයේ නිරත වුණා.   එය නාවික හමුදාවේ සංකල්පයක්.
ඔබ තේරුම් ගත යුතු කරුණු කිහිපයක් තිඛෙනවා. අපි කළේ ආයුද ආරක්ෂා කිරීම පමණයි. රට තුළට එන සහ රටින් පිටව යන ආයුද ආරක්ෂා කළා. ඒ වගේම එය රාජ්‍යයට තර්ජනයක් වන අයුරින් භාවිත කිරීම වැළැක්වුවා. අපි හෝටල්, ප්‍රවාහන සේවා, විනෝදාත්මක සේවා ආදිය සැපයුවේ නැහැ. ඒවා නාවික හමුදාවේ කටයුතු නෙමෙයි. එහෙත් ඇවන්ගාඩ් මේ කාර්යය පවරාගත් පසු හෝටල්, ප්‍රවාහන, විනෝදාත්මක සේවා ආදී පහසුකම් සියල්ල සැපයුවා. ඔවුන් ඒකාධිකාරයක් නිර්මාණය කළා. කිසිම ව්‍යාපාරයකට නැව්වලට සේවා සපයන්න දුන්නේ නැහැ. ඔවුන් ආයුද ආරක්ෂා කිරීමත් කළා.
අපි ආදායම් නෑ කියා ඔවුන් කියනවා. අපි කරන්නේ ඔවුන් කරපු දේවල්වලින් දහයෙන් එකක් විතරයි. අපි කරන්නේ ආයුද ආරක්ෂා කිරීම පමණයි. අපි සාධාරණව අනෙක් ව්‍යාපාර ඛෙදා දී තිඛෙනවා. නැව්වලට පහසුකම් සපයන්න ලංකාවේ ඕනෑම ව්‍යාපාරයකට කරන්න පුළුවන්. ඕනෑම ව්‍යාපාරයකට ආදායම් උපයන්න පුළුවන්. අපි කරන්නේ ආයුද ආරක්ෂා කරන එක විතරයි. එයින් අපි සියයට 2ක් 3ක් 10ක් ආදායම් උපයනවා. ඇවන්ගාඩ් සමාගම දැනටත් සේවා සපයනවා. ඔවුන්ටත් නැව්වලට පහසුකම් සපයන්න පුළුවන්. නැව්වලින් එන අයට හෝටල්, මත්පැන්, විනෝදාස්වාදය, ආදී පහසුකම් සැපයීම අපේ කාර්යයක් නෙමෙයි. ඒවා කරන්න ලංකාවේ සමාගම් තියෙනවා. ඕනෑම නාවික සේවා සපයන සමාගමකට ඒවා කරන්න පුළුවන්. එහෙත් ආයුද සම්බන්ධයෙන් වගකීම තිඛෙන්නේ අප සතුවයි. ඒ සඳහා අපි මුදලක් අය කරනවා.
ප්‍රශ්නය - යෝෂිත රාජපක්ෂ මහතා වැරැදි කළ බවට චෝදනා තියෙනවා. නාවික හමුදා නීතිය උල්ලංඝණය කළ බවට චෝදනා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කර තිබෙනවා ද? දඬුවම් දී තිබෙනවා ද?
පිළිතුර - මම දන්න තරමින් අද වෙනකන් කිසි දෙයක් කරලා නැහැ. හැබැයි තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු විය යුතුයි. එයයි නීතිය. එතෙක් ඔහු නිවැරැදියි. චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කළ යුතුයි. ඔහු වැරැදිකරු කියලා කොතැනකවත් කියලා නැහැ.
ප්‍රශ්නය - ඔහුට තිඛෙන චෝදනා සත්‍යයක් ද ?
පිළිතුර - එය තීරණය කළ යුත්තේ අධිකරණයයි.
ප්‍රශ්න - යෝෂිත රාජපක්ෂට එරෙහිව වෙනස් අයුරින් නීතිය ක්‍රියාත්මක වෙන බව නාවික හමුදාවේ ඇතැම් අයම කියනවා ?
පිළිතුර - මොනවද ඔහුට තිඛෙන චෝදනා.
ප්‍රශ්නය - රාජකාරියේ නිරත වන අතරේ ව්‍යාපාර කටයුතුවල නිරත වූ බවට චෝදනා තිඛෙනවා ?
පිළිතුර - මම කොතැනකදීවත් එහෙම දෙයක් කියලා නැහැ. ඒවා මිනිස්සු කියන දේවල්.  
ප්‍රශ්නය - වැඩ තහනම් වෙන්න හේතු වූ චෝදනා මොනවාද ?
පිළිතුර - ඒ ගැන හරියටම කියන්න දන්නේ නැහැ. මම ඇවිත් තවම මාසයක් වත් නැහැ. මම ඒ ෆයිල් එකවත් බලලා නැහැ. එහෙම චෝදනා තිඛෙනවා නම් අපි හොයලා බලනවා. අපට වෙලාව දෙන්න. අපි ඒ දේවල් කරනවා. චෝදනා තිඛෙන සියලූ දෙනා ගැන විමර්ශන කරනවා. එහෙත් චෝදනා ඔප්පු වන තෙක් කිසිවෙක් වැරැදි නැහැ. හැමදේටම වෙලාවක් තියෙනවා. ඒ නිසා අපට කාලය දෙන්න. දැනට චෝදනා තිඛෙනවා
ප්‍රශ්නය - යෝෂිත රාජපක්ෂ රාජකීය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීම සම්බන්ධයෙන් චෝදනා තිඛෙනවා. ඔහු සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව රාජකීය හමුදාවට බැඳුණු බවට චෝදනාවක් තිඛෙනවා ?
පිළිතුර - ඒක මෙහෙම දෙයක්. දීර්ඝ කාලයකට රාජකීය නාවික හමුදාව අපට පාඨමාලා දී නැහැ. එහෙත් රාජකීය නාවික හමුදා ඇකඩමිය ජනාධිපතිවරුන්ගේ පුතුන්ට, රාජ්‍ය නායකයන්ගේ පුතුන්ට විශේෂ අවස්ථා දෙන අවස්ථා තිබෙනවා. යෝෂිත රාජපක්ෂගේ අවස්ථාවේදී රජය වෙනුවෙන් අපි අදාළ පාඨමාලාව මිලදී ගත්තා. ඒ සඳහා ගෙවීම් කළේ රජයයි. එහෙත් ඒ අවස්ථාවේදී අදාළ තෝරාගැනීමේ ක්‍රියාපටිපාටිය මොකක් ද කියලා මම දන්නේ නැහැ. ඒ අවස්ථාවේදී මා ඇකඩමියේ ප්‍රධානියා නෙමෙයි. ඒ අවස්ථාවේදී මම නාවික හමුදාපති නෙමෙයි. ඒ නිසා ඒ දේවල් ගැන ඇසිය යුත්තේ ඔවුන්ගෙන්.
මම එංගලන්තයේ හිටියදී මාත් රාජකීය නාවික හමුදා ඇකඩමියෙන් ඉගෙන ගත්තා. මගේ පාඨමාලාව සියල්ල ගෙවීම් කරන ලද පාඨමාලාවක්. මට ලැබුණේ පූර්ණ ශිෂ්‍යයත්වයක්. මම රජෙක්ගේ පුතෙක් නෙමෙයි. මම නාවික හමුදා නිලධාරියකුගේ පුතෙක්. මම ඇකඩමියට ඇතුළු වුණේ මගේ කුසලතාවලින්. මම හොඳම නිලධාරියා බවට පත්වුණා. මට සියලූ වියදම් සහ ගෙවීම් කරන ලද ශිෂ්‍යයත්වයක් හිමිවුණා. එය සම්පූර්ණ ශිෂ්‍යයත්වයක්. ඒ සඳහා වියදමක් නැහැ. එහෙත් යෝෂිතට ශිෂ්‍යයත්වයක් හිමුවුණේ නැහැ. ඔහුගේ පාඨමාලාව සඳහා රජය ගෙවීමක් කළා. එය සිදුවුණේ කොහොමද කියන්න   මම දන්නේ නැහැ.
ප්‍රශ්නය - අත්අඩංගුවට ගත් තරුණයන් පිරිසක් ඝාතනය කිරීම සහ  කප්පම් ගැනීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා අත්අඩංගුවට පත්ව තිඛෙනවා ? එය නාවික හමුදාවට අපකීර්තියක් නේද ?
පිළිතුර - ඔව්, ඇත්තටම එය කනගාටුවට කරුණක්. මේ දේවල් අපරාධ කටයුතු. සී.අයි.ඩිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. ඔවුන්ට එය කිරීමට ඉඩ දිය යුතුයි. එහෙත් මේ සිදුවීම් නිසා නාවික හමුදාවේ කීර්තිනාමය මඩේ දමා ඇදගෙන යෑම කනගාටුවට කරුණක්. සත්‍ය සොයාගැනීමට සී.අයි.ඩියට ඉඩ දිය යුතුයි. ඔවුන් නිවැරැදි ද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. ශ්‍රී ලංකාවේ පුරවැසියන් විදියට යුක්තිය ඉටු විය යුතු යැයි විශ්වාස කළ යුතුයි. වැරැද්දක් කර තිඛෙනවා ඔවුන්ට දඩුවම් නියම විය යුතුයි. නිවැරැදි නම් නිදහස් කළ යුතුයි.
ප්‍රශ්නය - නාවික හමුදාව යුද සමයේදීත් ඉන් පසුත් භූගත සිරකුටි පවත්වාගෙන යන බවට චෝදනාවක් එල්ල වෙනවා. එය සත්‍යයක් ද ?
පිළිතුර - සිරකුටි තිඛෙනවා. එය අලූත් දෙයක් නෙමෙයි. ලෝකයේ සෑම හමුදාවකම සිරකුටි, මැදිරි තිඛෙනවා. ඒ වගේම නාවික හමුදාවටත් තිඛෙනවා. තිස් වසරක යුද්ධයක් තිබුණා. සිරකුටි, සිර මැදිරි තිබෙනවා. ඒවා නිකං වැලිකඩ බන්ධනාගාරයේ සිර මැදිරි වගේ. අපේ නාවිකයන් යන්නෙත් මැදිරිවලට. කුටිවලට. වැරැදි කළ හෝ චෝදනා එල්ල වූ පිරිස් රඳවා තිඛෙන කුටි තිඛෙනවා. ඒවා සීමිත ඉඩක් තිඛෙනව කාමර. මේ දේවල් අලූත් දෙයක් නෙමෙයි. ලෝකය පුරා හමුදා මේ ආකාරයේ කුටි, සිර මැදිරි වගේම ඩන්ජන් භාවිත කරනවා. ඔබ කතා කරන්නේ මොන මැදිරි ගැන ද කියන්න මම දන්නේ නැහැ. එදා විජේවීර රඳවා තිබූ ස්ථානය අද හෝටලයක්. එදා ඒක ගැන කවුරුවත් ප්‍රශ්න කළේ නැහැ.
ප්‍රශ්නය - ඝාතනයට ලක්වූ තරුණයන් ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ භූගත කුටිවල රඳවා තැබූ බවට චෝදනාවක් තිඛෙනවා ?
පිළිතුර - ඒ ගැන විමර්ශනයක් පැවැත්වෙනවා. සී.අයි.ඩි ය මොනවාද කියන්නේ කියලා බලමු. මා කලින් කිව්වා වගේ ඒ සඳහා කාලය දෙන්න.
ප්‍රශ්නය - එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් යුද නැව් දහයක් විනාශ කිරීමට ඔබ සෘජු දායකත්වය සහ නායකත්වය ලබා දුන්නා. යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා දායකත්වය සැපයූ සුවිශේෂී නිලධාරියෙක් ලෙස හඳුන්වනවා. ඔබ කොහොමද මේ සාර්කත්වය දකින්නේ ?
පිළිතුර - ඇතැම් පුද්ගලයන් ලෝකයට බිහි වන්නේ යමක් කිරීමට. මා දෛවය විශ්වාස කරනවා. මේ වගේ දෛවය වෙන්න ඇති. මා උපදින්න ඇත්තේ මේ දේවල් කරන්න වෙන්න ඇති. මගේ දෛවයේ මෙය කළ යුතු යැයි ලියැවී තිබෙන්නේ ඇත. ඒ නිසා මෙය සාර්ථකත්වය වුණා. ඕනෑම දෙයක් සාර්ථක වෙන්න නම් දැනුම සහ අත්දැකීම් ගොඩනගා ගත යුතුයි. දැනුම සහ අත්දැකීම් ගොඩනගා ගත් පසු ඔබට වාසනාව කියා දෙයක් ලැඛෙනවා. දැනුම, අත්දැකීම් සහ වාසනාව, එයයි මගේ සාර්කත්වය.
ප්‍රශ්නය - ආයුද නැව් විනාශ කිරීම යුද්ධය අවසන් කිරීමට බලපෑවේ කෙසේ ද ?
පිළිතුර - එය සුවිශේෂී බලපෑමක් වුණා. යුද හමුදාව මන්නාරමේ සිරවී සිටියා. මාස ගණනක් සිරවී සිටියා. එය වුණේ 2007 වසරේදී. යුද හමුදාව එල්.ටී.ටී.ඊ සංවිධානයට සැතපුම් 15ත් 20ත් අතර දුරකින් හිටියේ. ඔවුන්ගේ කාලතුවක්කු බලකායේ ශක්තිය ඊට හේතු වුණා. අපට ඉදිරියට යන්න බැරි වුණා. අපට එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඉලක්කයට ළඟා වෙන්න බැරි වුණා. ඔවුන්ට කාලතුවක්කු උණ්ඩ අවශ්‍ය පමණින් තිබුණා. එය ඔවුන්ගේ උපායමාර්ගික කේන්ද්‍රස්ථානය වුණා. අපි යුද නැව් විනාශ කළ පසු හමුදාවට ඉදිරියට යන්න අවස්ථාව ලැබුණා. එල්.ටී.ටී.ඊ යට කාලතුවක්කු උණ්ඩ ආදිය සපයන්න බැරි වුණා. අපි ඔවුන්ගේ සැපයුම් ජාලය බිඳ දැමුවා. ඉන් අනතුරුව හමුදාව ඉදිරියට ගියා. හමුදාවත් එල්.ටී.ටී.ඊ සංවිධානයත් අතර පරතරය සැතැපුමක් දක්වා අඩු වුණා. ඉන් අනතුරුව ජයග්‍රහණය තිබුණේ හමුදාව සතුවයි. එය සාම්ප්‍රදායික සටනක් බවට පත්වුණා.
අපි යුද්ධය නිම කිරීමට සෘජු දායකත්වය ලබා දුන්නා. එසේ ආයුද නැව් විනාශ කරන්න බැරි වුණා නම් අදටත් යුද්ධය පවතිනවා. නැව් ගිල්වා දැමීමෙන් නාවික හමුදාව සුවිශේෂී දායකත්වය දුන්නා. එසේ නොවුණා නම්, යුද හමුදාවේ තුවාල ලැබුවන් සංඛ්‍යාව දහස් ගණනින් වැඩි වෙන්න තිබුණා. වාර්තා සටහන් බලන්න. අපි එල්.ටී.ටී.ඊ සංවිධානයේ ආයුද නැව් විනාශ කරද්දි අපේ හමුදාවේ තුවාල ලැබුවන් අඩු වුණා. හැබැයි නැව් විනාශ කරන්න කලින්, අපේ හමුදාවල තුවාල ලැබුවන් සංඛ්‍යාව වැඩියි. ඒක හරියට දරුවකු පෝෂණය කරනවා වගේ. කිරි නොදුන්නාම, ආහාර නොදුන්නාම දරුවා වර්ධනය වෙන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ සංවිධානයේ විනාශය ආරම්භ වුණේ එතැනින්.
ප්‍රශ්නය - මේ ක්‍රියාවලියේදී ජාත්‍යන්තරයේ බලපෑම් එල්ල වුණා ද ?
පිළිතුර - ඒවා නම් වුණේ නැහැ. මෙය මගේ රාජකාරිය. මම සටන් කළේ නාවික හමුදාව වෙනුවෙන්. ලංකාව වෙනුවෙන් එය කළ යුතු බව අපි දැන සිටියා. එය කළහොත් යුද්ධය අවසන් වන බව අපි දැනගෙන හිටියා. අපට එය කරන්න වුණා. අපි අවුරුදු 30ක් බලාගෙන හිටියා. ඒ මෙහෙයුම කළේ නැතිනම් අපි තවමත් සටන් කරනවා. අපට ජාත්‍යන්තර බලපෑමක් තිඛෙනවා. අපි සියල්ල කළේ නීතිය අනුවයි. අපි නීතිය ඉගෙන ගත්තා. අපි ආයුද නැව් විනාශ කළේ ජාත්‍යන්තර මුහුදේදි. නැව් විනාශ කළේ සැතැපුම් 2500න් ඔබ්ඛෙන් වන සීමාවේදී. ඇතැම් අවස්ථාවලදී ඒ නැව් අපට වඩා අපි්‍රකාවට ඕස්ටේ්‍රලියාවට ළඟින් තිබුණේ. අපි මේ දේ කළාම හැමෝම අපෙන් ඇහුවා මේවා කළේ කොහොමද කියලා. අපි ඔවුන්ට සියල්ල විස්තර සහිතව පැහැදිලි කළා. ඒ නිසා අද වනතෙක් නාවික හමුදාවෙන් කිසිවකුත් ප්‍රශ්න කරලා නැහැ. අපි සියල්ල කළේ නීතියට අනුවයි. අපි නීතිය දැන සිටියා. ඒ සියල්ල සටහන්ව තිඛෙනවා. අපි සියලූ දෙනාට පිළිතුරු දී තිඛෙනවා. අපේ නාවික හමුදාව කළ මෙහෙයුම දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නාවික හමුදාවක් කළ සුවිශේෂී මෙහෙයුමක් ලෙස ඉතිහාසයට එක්වේවි.
ප්‍රශ්නය - අද වනවිට ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු විවිධ ජාත්‍යන්තර පාර්ශව අපට චෝදනා එල්ල කරනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද ?
පිළිතුර - ඕනෑම යුද්ධයකින් පසු ජයග්‍රහකයන් සහ පරාජිතයන් යනුවෙන් කොටස් දෙකක් ඉන්නවා.  ඒ විදියට කොටස් දෙකක් නම් කරනවා. ජයග්‍රහාකයන් ගැන කතා කරනවා. ඕනෑම යුද්ධයකින් පසු යුද අපරාධ ගැන කතා කරනවා. ජපානයට ඒක වුණා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය නියුරන්බර්ග් අධිකරණය වෙත ගෙන ගියා. මොකද ඔවුන් පරාජිතයන් වූ නිසා. එහෙත් ලංකාවේ තත්ත්වය වෙනස්. ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සියලූ දෙනා මියගියා. ඉතිරි වුණේ රජයේ හමුදා පමණයි. ඇත්තටම ඔවුන් කැරැලිකරුවන්. මේක අභ්‍යන්තර යුද්ධයක්. ඒ නිසා ඇත්තටම බැලූවොත් මේ යුද්ධයේ ජයග්‍රහාකයන් හෝ පරාජිතයන් හෝ නැහැ. මැරුණේ එකම රටේ මිනිස්සු.
යුද්ධය ආරම්භ වුණේ ඇයි? කලාපයේ ඇතැම් රටවල්වලට ශ්‍රී ලංකාව අස්ථාවර කරන්න වුවමනා වුණා. ඔවුන්ට ලංකාව ඊළඟ සිංගප්පූරුවක් වීම වළක්වන්න අවශ්‍ය වුණා. ඒ නිසා යුද්ධය අවසන් වූ වගේම ඔවුන් නැවත ඒ කාර්යය ආරම්භ කළා. ශ්‍රී ලංකාව සාමයත් සමඟ වර්ධනයක් අත්පත් කරගැනීම නවතා දමන්න ඔවුන්න වුවමනා වුණා. ඔවුන් අපට චෝදනා එල්ල කළා. ලංකාව නැවත වරක් අස්ථාවර කරන්න අවශ්‍ය වුණා. එය ඉතා ඉක්මනින් ආරම්භ වුණා.
එහෙත් අපි ඊට දැක්වූ ප්‍රතිචාරය වෙනස්. අපි විනිවිදභාවයකින් කටයුතු කළේ නැහැ. අපි ජාත්‍යන්තරයේ හදවත් දිනා ගත්තේ නැහැ. එහිදි අපි අසමත් වුණා. අපි ජාත්‍යන්තර ප්‍රජාවේ ආදරය දිනාගත්තේ නැහැ. අපිට එය කරන්න බැරි වුණා.
ප්‍රශ්නය - ඔබ අදහස් කරන්නේ අපි යුද්ධයෙන් පසු මෙහෙයුම අසමත් කියා ද ?
පිළිතුර - අපි යුද්ධයෙන් පසු රට ස්ථාවර කිරීමේ මෙහෙයුම අසමත් වුණා. ඒ කියන්නේ පශ්චාත් යුද ස්ථාවර මෙහෙයුම අසමත්.
ප්‍රශ්නය - ඇත්තටම යුද්ධයේ ජයග්‍රාහකයන් ඉන්නවාද ?
පිළිතුර - මනුෂ්‍ය වර්ගයා දෙස බැලූවොත් යුද්ධයකින් ජයග්‍රාහකයන් හෝ පරාජිතයන් හෝ බිහිවන්නේ නැහැ. එය ඔබ යුද්ධය දෙස බලන විදිය අනුව එය වෙනස් වෙනවා. ඕනෑම අවස්ථාවකදී සාධාරණ සහ යුක්ති සහගත යුද්ධ කියා දෙයක් තිඛෙනවා. මනුෂ්‍ය වර්ගයේ යහපත දෙස බැලූවොත් ජයග්‍රාහකයන් සිටිනවා. හරි මොකක් ද වැරැදි මොකක්ද කියා දෙයක් තිඛෙනවා. ඔබට තර්ජනයක් එල්ල වී තිඛෙනවා නම්, ඔබේ පවුලට තර්ජනයක් එල්ල වී තිඛෙනවා නම් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ඔබට අයිතියක් තිඛෙනවා. එයයි යුද්ධයේ තිත්ත ඇත්ත. යුද්ධයේ කනගාටුදායක කොටස එයයි. ඇතැම් අවස්ථාවලදී ඔබ ආදරය කරන මිනිස්සු ආරක්ෂා කරන්න තවත් කෙනෙක් විනාශ කරන්න වෙනවා. ඔබ එය කරනවා. ඕනෑම කෙනෙක් ඒ දේ කරනවා. ඔබේ සුරතලාගෙන් ඔබේ දරුවාට තර්ජනයක් එල්ල වුණු අවස්ථාවකදී සුරතලාට පහර දී දරුවා ආරක්ෂා කරගන්න වෙනවා. දරුවා මරලා සුරතලා ආරක්ෂා කරන අයත් ඉන්නවා. ජයග්‍රහාකයන් හෝ පරාජිතයන් කියා දෙයක් නැහැ. එහෙත් යුක්ති සහගත පුද්ගලයා, සාධාරණ පුද්ගලයා ජයග්‍රහාණය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. සොල්දාදුවන් සටන් වදින්නේ ඔවුන් වෙනුවෙන් නෙමෙයි. ඔවුන් සටන් වදින්නේ ඔහුගේ පවුල, දරුවන්, මිතුරන්, ඥාතීන් වෙනුවෙන්. ඔහු ඉදිරියට යන්නේ ඔහු පිටුපස සිටින මිනිසුන් වෙනුවෙන්.
ප්‍රශ්නය - යුද්ධය අවසන් වී වසර අටක් ගත වී තිඛෙනවා. එහෙත් අපි සාමය, තිරසර දිගුකල් පවතින සාමයක් අත්පත් කරගැනීමට අප අසමත් වී තිඛෙන බව කියනවා. ඇත්තටම බැලූවොත් ධනාත්මක සාමයක් අත්පත් කරගැනීමට අපි අසමත් වී තිබෙනවා. ඇයි එහෙම වුණේ ?
පිළිතුර - සාමය කියන්නේ ක්‍රියාවලියක්. ඊට කාලයක් යනවා. අපිට යුද්ධයක් තිබුණේ නැහැ. එය ගැටුමක්. එය සිවිල් ගැටුමක්. අපිට දීර්ඝ ඉතිහාසයක් තිඛෙනවා. අපිට කතා තිඛෙනවා. ඉතිහාසය හා මිනිසුන්ගේ මනස සමඟ බැඳුණු දේවල් තිඛෙනවා කියා මා විශ්වාස කරනවා. දීර්ඝ ඉතිහාසයක් තිඛෙන රටවල මිනිස්සුන්ට කතා ගොඩක් තිඛෙනවා. මතක ගොඩක් තිඛෙනවා. අපි වගේ රටවල මිනිස්සුන්ට අනන්‍යතාව, ප්‍රජාව, යුද්ධ, මුතුන් මිත්තන්, අයිතිය ආදී දේවල් සම්බන්ධයෙන් ස්ථීර මතයක ඉන්නවා. දීර්ඝ ඉතිහාසයක් තියෙන රටවල මිනිස්සු ඒ දේවල් ගැන හිතන විදියක් තියෙනවා. එහෙත් අවුරුදු 300ක වගේ ඉතිහාසයක් තියෙන ඇමෙරිකාව වගේ රටවල මිනිස්සුන්ට එහෙම දෙයක් නැහැ. ඔවුන්ට ඉතිහාසයක් නැහැ. කතා නැහැ. ඔවුන්ට රජවරු නැහැ. ඔවුන්ට රට ගැන කතා කරන්න දේවල් අඩුයි. ඔවුන් අලූත් රටවල්. ඔවුන් සතුටින් ඉන්න බව පෙනේවි. එහෙත් ශිෂ්ඨාචාරයක් වගේ සංවර්ධනය වී නැහැ. එහෙත් ලංකාව වගේ ඉතිහාසයක් තියෙන රටවලට සංහිඳියාව සාමය කරගන්න කාලයක් යනවා. ඊශ්‍රායලය හා පලස්තීනය වගේ රටවල් ඊට උදාහරණයක්. ඇමෙරිකාවට ඉක්මනින් සාමය ගේන්න පුළුවන්. එහෙත් දීර්ඝ ඉතිහාසයක් තිඛෙන රටවලට සම්පූර්ණ සාමයක් ගෙන එන්න කාලයක් යනවා. සිංහල, දෙමළ හා මුස්ලිම්වරුන් කියන්නේ පැරැණි ජන කොට්ඨාශ. ඊශ්‍රායලය, පලස්තීනය, ඉරාකය, ඉරානය කියන්නේ පැරැණි ජන කොටස් ඉන්න පැරැණි රටවල්. ඒවා ශිෂ්ඨාචාර. ඒ වගේ රටවල්වලට සම්පූර්ණ සාමය ගෙන එන්න කාලයක් යන බව මා විශ්වාස කරනවා. ඉතිහාසය අපව බැඳ තබාගන්නවා. ඒ නිසා නව පරම්පරාවත් සමඟ සාමය ඇති වේවි. ඒ නිසා අපි ඊට කාලය දේවි. අපි නව පරම්පරාවක්, ජන ජනතාවක් විදියට මුහුකුරා යා යුතුයි. අපි අලූතින් හිතන්න පුරුදු වෙන්න ඕනේ. අපි අලූත් ආකාරයකට පරිණත විය යුතුයි.
ප්‍රශ්නය - නාවික හමුදාවේ සිටියදී ඔබට තර්ජන තිබුණා ද ?
පිළිතුර - මම කලිනුත් කියලා තියෙනවා. තර්ජන කියන්නේ මට අලූත් දෙයක් නෙමෙයි. මම නාවික හමුදාවට ආපු දවසේ ඉඳන් තර්ජන තිබුණා. මට නාවික හමුදාව අලූත් තැනක් වුණේ නැහැ. මම දෙමළ මනුස්සයෙක්නේ. දෙමළ මනුස්සයෙක්ට නාවික හමුදාවට ඇවිත් එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව සටන් කරනවා කියන්නේ හරි අමාරු දෙයක්. මගේ තාත්තාත් නාවික හමුදාවේ. නාවික හමුදාවට එද්දි මට මගේ දෙමළ කම තේරුණේ නැහැ. මම පොඩි කාලේ ඉඳන් දැක්කේ නාවික හමුදාවේ කටයුතු. ඇතැම් අය මට ඇඟිල්ල දිගු කළා. එය පහසු වැඩක්. මොකද කාලයක් යද්දි මට තනිකමක් දැනුණා. මම වැඩිවියට පත්වෙද්දි මම පිටස්තරයෙක් වගේ සලකන ආකාරය දැක්කා. තරුණ කාලේ දෙමළකම දැනුණේ නැති වුණාට ඒක මට පස්සේ තේරුණා. ඒත් මම දෙමළ මනුස්සයෙක් විදියට ඒවා දැක්කේ නැහැ. මම අභියෝගවලට මුහුණ දුන්නා. අමුතු හැඟීම් ආපු වෙලාවල් තිබුණා. එහෙත් මම කිසිදු අවස්ථාවකදී තර්ජනවලට බය වුණේ නැහැ. මං දිහා දෙමළෙක් විදියට බැලීම ගැන මම කනගාටු වුණේ නැහැ. ඒක වචනවලින් කියන්න බැහැ. මම නාවික හමුදා නිලධාරියෙක් විදියට තමයි ප්‍රශ්නවලට මුහුණ දුන්නේ.
මගේ තාත්තා යාපනයේ දෙමළ. මගේ අම්මා නුවර සිංහල. ඔවුන් දෙදෙනා මුණ ගැසී තිඛෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්. ඔවුන් දෙදෙනා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන්. අපි හිටියේ නුවර සිංහල ගෙදරක. අපි ඉන්නේ දෙමළ ගෙදරක ද සිංහල ගෙදරක ද කියලා අපිට දැනුණේ නැහැ. ඇත්තටම අපි සිංහල ද දෙමළ ද කියා වෙනසක් තිබ්බේ නැහැ. මම ගියේ ත්‍රිත්ව විද්‍යාලයට. එහිදිත් මට වෙනසක් තේරුණේ නැහැ.
නාවික හමුදාවට ඇවිත් මෙහෙයුම්වලට සම්බන්ධ වෙද්දි, මට නමක් හැදෙද්දි මට දෙපැත්තෙන්ම තර්ජන තිබුණා. එල්.ටී.ටී.ඊ යට මට පහර දෙන්න දැඩි අවශ්‍යතාවක් තිබුණා. ඔවුන් ඒ සඳහා සෑමවිටම උත්සාහ කළා. මම නාවික හමුදාවේ ඉදිරියට එද්දි නාවික හමුදාව ඇතුළෙන් පවා තර්ජන ආවා. ඒත් මම අත්හැරියේ නැහැ. ඒ සියල්ලටම මම සාර්ථකව මුහුණ දුන්නා. එහෙම නොවුණා නම් මට අද මෙහෙම ගමනක් එන්න වෙන්නේ නැහැ. තනිවෙන වෙලාව තමයි නැගී සිටින්න තිඛෙන හොඳම අවස්ථාව. පහර දෙද්දි නැගී සිටින්න. එක අතකට හොඳයි. එක අතකට නරකයි. එහෙම අමාරුවක් මට නොතිබුණා නම් මම මෙහෙම උත්සාහ කරන්නෙත් නැහැ.
ප්‍රශ්නය - ජයග්‍රහාණ රැසකට නායකත්වය දුන් ඔබට නොසිතු අවස්ථාවක නාවික හමුදාව අත්හැර යන්න වෙනවා. මොකක්ද ඒ වෙලාවේ හිතුණේ ?
පිළිතුර - මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ. එහෙම දේවල් වෙනවා. ඒකත් එක්තරා විදියක යුද්ධයක්. ඒවාට මුහුණ දිය යුතුයි. ශ්‍රේෂ්ඨ පුද්ගලයන් එකවර බිහිවෙන්නේ නැහැ කියා මා විශ්වාස කරනවා. ශ්‍රේෂ්ඨ පුද්ගලයන් සම්බන්ධයෙන් විශ්වාසයක් නැතත් ඔබ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වීමට නම් ඇතැම් පරීක්ෂණවලට මුහුණ දිය යුතුයි. ඇතැම් අවස්ථාවලදී විවිධ අභියෝග පසු කරන්න වෙනවා. සාර්ථක මනුස්සයෙක් වෙන්න විවිධ අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. පරීක්ෂණවලට මුහුණ දෙනවා. මම හිතනවා මම ඒ පරීක්ෂණය සාර්ථකයි කියලා.
ප්‍රශ්නය - මේ දේවල් ඔබේ පවුලට බලපෑවේ කෙසේ ද ?
පිළිතුර - කොහොමද ඒක කියන්නේ. මට වඩා මගේ පවුල දුක් වින්ඳා. මට මං ගැන කනගාටුවක් නැහැ. එහෙත් මට ඔවුන් ගැන දුකක් තියෙනවා. මට මගේ පවුල ගැන කනගාටුවක් තියෙනවා. මම යුද්ධ කළේ කැමැත්තෙන්. මම ස්වේච්ඡාවෙන් ඒ සඳහා ඉදිරිපත් වුණා. මම යුද්ධය සමඟ නැවතුණා. මම මගේ පවුල දුෂ්කර අභියෝග රැසකට අරගෙන ගියා. එය මගේ පවුල යුද්ධය පැවැති සම්පූර්ණ කාලයේම ඉතා නරක තැනකට පත්කළා. මම පිටිපස්සේ හැංඟිලා හිටපු කෙනෙක් නෙමෙයි. මම ඉදිරිපෙළ සටන්වලට සම්බන්ධ වුණා. සෑම සටනකටම ගියා.
මගේ දරුවන්ට ඒ දේවල් ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් පොඩි දරුවෝ. මගේ බිරිඳ පුදුම විදියට විඳෙව්වා. හැමදාම මං එනතෙක් ඔවුන් බලා සිටියා. අපි ගෙදර එයිද නැද්ද කියලා ඔවුන් දන්නේ නැහැ. ඇතැම් මෙහෙයුම්වලට ගිය බව බිරිඳ අද වනතෙක් දන්නේ නැහැ. සමහරු මගේ බිරිඳට කියනවා අන්න සින්නා අරහේ ගියා, අර සටනට ගියා කියලා. එහෙම කියනතෙක් මගේ බිරිඳ දන්නේ නැහැ. නිලධාරීන් මගේ බිරිඳට කියන තෙක් ඇය දන්නේ නැහැ. දැනුත් ඇය මගෙන් එහෙම දෙයක් වුණා ද කියලා. ඔය දේවල් වෙන්න පුළුවන්.
ඔච්චර දෙයක් කරලත් ඔහොම දේවල් වෙනවද කියලා ඔවුන් අහනවා. මම නාවික හමුදාවෙන් යද්දි දරුවන්ට ඒක තදින් බලපෑවා. මිනිස්සු එහෙමයි. එහෙම දේවල් වෙන්න පුළුවන් කියා මා තේරුම් ගත්තා. හමුදාවේ දැඩි තරගකාරීත්වයක් තිබුණා. යුද්ධය ඉවර වූ විගස ඇතැම් අය ඉදිරියට එන්න උත්සාහ කළා. අපි ඉහළ සිටියදී අපිව පහතට දාන්න ඇතැම් අය කටයුතු කළා. මගේ වගේ නමක් තිබුණාම ඒක කරන්න ලේසියි. කට්ටියක් එකතු වුණාම එය කරන්න හරිම ලේසියි. එහෙම වුණාම මට ගහන්න මා වට්ටන්න හරි පහසුයි. එහෙත් මම වැටුණේ නැහැ. මම දිගටම හිටියා එදාම මම මේ පුටුවට එන බව ඔවුන් දැන සිටියා. මම දිගටම නාවික හමුදාවේ හිටියා නම් මම මීට කලින් මේ පුටුවේ වාඩි වෙනවා. දෛවය කියලා දෙයක් තියෙනවා. එය නතර කරන්න ඔවුන් උත්සාහ කළා. මොන දේ වුණත් අද නැවත කැරැකිලා මේ පුටුවට ඇවිත් ඉන්නවා.
ප්‍රශ්නය - නාවික හමුදාවට නැවත කැඳවීමක් ලැබුණු අවස්ථාවේදී නැවත නාවික හමුදාවට එන්න හිතුණේ ඇයි ?
පිළිතුර - මට එහෙම අදහස් තිබුණේ නැහැ. මම හොඳ රැකියාවක් තිබුණා. මම සතුටින් සිටියා. මම හොඳ පවුල් ජීවිතයක් ගෙන ගියා. එහෙත් මේ ආණ්ඩුව යහපාලන සංකල්පය ගෙන ආවා. අපි සටන් කළේ මේ රටට සාමය ගෙන එන්න. එහෙත් සාමය නොඑන බව තේරුණ නිසයි අපි ගියේ. මේ ආණ්ඩුව ආවාම අපි යම් ආලෝකයක් දැක්කා. අපිට නැවත යමක් කරන්න ඕනේ බව තේරුණා. මෙහේ හිටපු නිලධාරීන් මට එන්නැයි කීවා. මම නාවික හමුදාවට ආවෝත් අලූත් දෙයක් කරන්න පුළුවන් බව තේරුම් ගියා.
නාවික හමුදාව ජාත්‍යන්තර නාවික හමුදාවක්, ලෝකය හඳුනාගන්නා නාවික හමුදාවක් බවට පත්කිරීමට අපට අදහසක් තිබුණා. අපි දූපතක් බව තේරුම් ගත යුතුයි. ලංකාවේ පළමු ආරක්ෂක බලකාය, මුරපොළ මුහුදයි. නාවික හමුදාවයි. විමර්ශන කළ නිලධාරීන්, ට්‍රැවිස් ඔබ නැවත සේවයේ පිහිටුවූ බව මට දැනුම් දුන්නා. එවිට මට නැවත එන්න අවශ්‍යතාවක් නැහැ කියා මා ඔවුන්ට කිව්වා. එවිට ඔබ නැවත ගෙනෙන්න අපි කොතරම් මහන්සි වුණාදැයි ඔවුන් කීවා. එහිදි මට වරදකාරී හැඟීමක් ආවා. ඒ නිසා මම නැවත එන්න තීරණය කළා. අපි වගේ අය ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ ආදි විවිධ රටවල ඉන්නවා. අපි නැවත ආවේ නැත්නම් අපි කවුද කියලවත් මේ රටේ මිනිස්සු දන්නේ නැහැ. අපි නැවත ආවේ සේවයක් කරන්නයි. අපි යුක්ති ස්ථාපිත කළ බව පෙන්නුම් කරන්නයි අපි ආවේ. මහේෂ් සේනානායක කියන්නෙත් එහෙම එක්කෙනක්. මම එහෙම ආපු තව කෙනෙක්. එහෙම අය තවත් ඉන්නවා.
අද ජාත්‍යන්තරයට ආණ්ඩුව ගැන විශ්වාසයක් තිඛෙනවා. මම මෙම ධුරයට පත්වීමෙන් පසු තානාපති නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. ඔවුන්ට ආණ්ඩුව ගැන විශ්වාසයක් ඇති වෙලා. අපටත් මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් තිබෙනවා. ආණ්ඩුව හරි පාරේ යන බව පේනවා. ඒ දේවල් ඉතාම හොඳයි. මොකද අපිට ඕනේ මේ රටට සේවයක් කරන්න. රට හරි පාරේ යනවා කියලා දැනෙද්දි අපට ලොකු සතුටක් තියෙනවා. මොකද අපි හැමතිස්සෙම කැපවුණේ මේ රට වෙනුවෙන්. අපිට පොඩි දෙයක් කරලා යන්න පුළුවන් නම් ඉතිරි පිරිසට ඒක ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඔවුන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්.
ප්‍රශ්නය - නැවත වරක් කැඳවීමක් ලැබුණාම නාවික හමුදාපතිධුරය දක්වා යන්න ලැබේවි කියලා හිතුණ ද ?
පිළිතුර - එහෙම හිතුණේ නැහැ කිව්වොත් වැරැදියි. එහෙම හිතුණා. එහෙත් ඒ ගැන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. එහෙත් අපේ මූලික අරමුණ වුණේ රටට සේවය කිරීමයි. මට හොඳ නාවික හමුදාවක් හදා ගන්න ඕනේ. මට ඒක කරන්න පුළුවන්. මම මේ රාජකාරිය ගැන හොඳින් දන්නවා. නාවික හමුදාවේ අන් කවරකුටවත් නැති අත්දැකීම් සමූහයක් මට තියෙනවා. මම අවුරුදු තිස් පහක් නාවික හමුදාවේ හිටියා. එහිදි අපට සැලැසුම් තිබුණා. මගේ දැනුම්, මගේ දක්ෂතාව, මගේ අත්දැකීම් මට පහළින් ඉන්න අයට දෙන්න බැරි වුණා. මගේ දැනුම, මගේ දක්ෂතා, මගේ අත්දැකීම් මට ලැබුණු අවස්ථාවක්. ඒ සියල්ල නාවික හමුදාවේ සියලූ දෙනාට දෙන්න ඕනේ. ඒවා මහ ලොකු දේවල් නෙමෙයි. කිසිවක් නැති වුණාම සටන් වදින්නේ කොහොමද ? තනියම නැගි සිටින්නේ කොහොමද ? මේ වගේ පුංචි දේවල්, මූලික දේවල් තමයි. ඒත් ඒවා ලොකු දේවල් සටනකදි.
නාවික හමුදාවේ අද මගේ යටතේ ඉන්න නිලධාරීන්ගෙන් සියයට 60ක් 2011 න් පස්සේ ආපු අය. සටනට සම්බන්ධ වූ නිලධාරීන් ඉන්නේ සියයට 40ක්. එතැනිනුන් සියයට 10ක් විතර තමයි යුද්ධයට සක්‍රීයව සම්බන්ධ වුණේ. තරුණ නිලධාරීන්ට අත්දැකීම් නැහැ. අපේ අත්දැකීම් අලූත් නිලධාරීන්ට, තරුණ නිලධාරීන්ට ලබා දිය යුතුයි. සියයට 10ක් වන නිලධාරීන් තමයි යුද්ධයේ රහස් දන්නේ. ඔවුන් ඒ රහස් ඊළඟ පරම්පරාවට ලබා දිය යුතුයි.
ප්‍රශ්නය - අතීතයේ සිදුවීම් සහ ජයග්‍රහණ ගැන ආපසු හැරී බැලීමක් කළොත් ?