Tuesday, March 7, 2017

මාර්තු 25 එන්න නෙළුම්යායට




මාර්තු 25 දා හවස 3 ට බත්තරමුල්ල Waters Edge හිදී 2017 නෙළුම්යාය උත්සවය. බ්ලොග් කරුවන්ගේ දක්ෂතා අගැයීමට අජිත්, කමී, අටම් වැන්නන්ගේ උත්සාහයට එදා හි පැමිණීමෙන් සහයෝගයක් දක්වමු. 




(නෙළුම්යායට විරෝධතා දැක්වීමට පාර්ලිමේන්තු වටරවුම වෙන්කරගැනීමට අවශ්‍යනම් ඒකාබද්ධ විපක්ෂයේ රත්තරන්, ගම්මන්පිල, අළුත්ගමගේ යන අය අමතන්න. වතුර සහ කඳුළු ගෑස් නොමිලේ. විරෝධතාවයට සහභාගී වන අයට කෑම පැකට් එක සහ රුපියල් 1000/= ක් ගෙවනු ලැබේ.) 


56 comments:

  1. මම ත් කැමතියි විරුද්දතාවෙට යන්න.. බත් පැකට් එකයි 1000/- ලාබයි.. :)

    ReplyDelete
    Replies
    1. අරක්කු භාගෙ නැති හින්ද පාඩුයි.

      Delete
    2. අජිත් කන්න බොන්න දෙන්නෙ මොනවද කියල අහලම තීරණය කරනවා.

      Collateral damage control ගැන සේෆ්ටි මැනේජර් කෙනෙක් කන්සල්ට් කරන්නත් ඕනෙ.

      Delete
    3. මම මුකුත් දෙන්නේ නැත. එයා මයිල් නුත් නැතුව අමාරුවෙන් එන්නේ.

      Delete
  2. කෝ ගියපාර අය වැය වාර්තාව ? අනික ඕක පිට කසා ගන්න සෙට් එක කරන වැඩක් .
    එන්න නෙළුම් යායට ගල් ගහන්න. ( මල් ගහන්ඩ නෙමේ යකෝ ගල් ගහන්ඩ )

    ReplyDelete
    Replies
    1. වාර්තාව සර සරාස් ගාල පෙරලනවා තාම

      Delete
  3. සුබ පැතුම් වැඩේට ....!

    ReplyDelete
  4. 25 මට මළගෙදරක යන්න තියනවා...

    ReplyDelete
    Replies
    1. අපේ ඇඩ්ඩින් ලොක්කත් ඔහොම තමයි...
      බුවා වැඩට එන්නේ නැතුව කෝල් කරලා කියනවා හදිස්සියේ මගුල් ගෙදරකට යන්න උනා, අද එන්න වෙන්නේ නැහැ කියලා...
      උඹේ මළගෙදරත් ඒකට දෙවෙනි නැහැ...

      Delete
  5. මම එනවා වෙස් මූනක් දාගෙන.
    නැත්නම් තොපි මට අම්බානක නෙලයි වටවෙලා.
    - මීට සාරස

    ReplyDelete
  6. මිනිස්සු නිදහස් වෙනවා කියන ආරංචියට කුරුල්ලෝ පිහාටු අතෑරල පියාඹනවා :)

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ,පැනල යන කුරුල්ලෝ සේරම මස් මාළු භක්ෂකයෝ වගෙයි පෙන්නේ.

      Delete
  7. අපරාධ සල්ලිද මේවට ගෙවන්නේ

    ReplyDelete
  8. සම්මාන උළෙලට
    එනවානම්
    රෙජිස්ටර් වෙන්ඩ
    ඕනෙලු නේද ?
    කී දෙනෙකුට එන්ඩ පුළුවන්ද ?
    අපිත් එන්ඩද ?
    අපි එනවට කැමති නැද්ද ?
    අපිටත් එන්ඩ පුළුවන්නම් නොම්බරයක් ගන්නෙ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. වැලිකඩ පැත්තෙ ගියානම් එතනින් නොම්මරයක් දෙනවා

      Delete
    2. විමල් එක්ක හවුලට ඉන්නත් පුලුවන්

      Delete
  9. අයියේ.. අර ගිය සැරේ වගේ.. අවසාන කටයුතුත් හොඳින් කෙරෙනවයි...?

    ReplyDelete
    Replies
    1. ඒක ගිහින් අහපන් ලෝටාගෙන්. ඉයන් කාරයා ඔව්වා දන්නවැයි.

      Delete
    2. මට මගේ සල්ලි වලට බජට් හදන්න බැහැ බං . ඉයන් ගෙන්ම අහපන්.

      Delete
    3. ඉයන්ගෙන් තමයි බං ඇහුවේ...

      Delete
    4. ඔව් නේ වැට් 69 පිහිට තමා අපි කට්ටිය සෙට් වෙමු.

      Delete
  10. ano ena apita okata enda barida.

    ReplyDelete
  11. ඔන්න මටත් සම්මානයක් ඕනේ...නැත්නම් අර බත් පැකට් එකත් අරගෙන වට රවුමට යනවා

    ReplyDelete
  12. සිත් එකමුතුව විසි පස් වෙනි දින ගාවා
    අත්කර සුහද බව සතුටින් නැහැවේවා
    ගත් උත්සාහෙ මෙවරත් ජයටම වේවා
    බත්තරමුල්ල මල් සුවඳින් නැහැවේවා!!...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මල් සුවඳ පොලීසියට ගියොත් ලෙඩක් වෙයි නේ...

      Delete
    2. නෑ එහෙම කියන්නෙපා අපි එයාලටත් මල් බොකේ එකක්ම දෙමු....!!

      Delete
    3. නෙලුම්වලින්ම...

      Delete
    4. "දුමී"යත් එදාට එනෝ.....

      Delete
  13. ඉයන් තුමෝ..

    ඇත්තම කියනවනම් ඕකට මම විරුද්ද උනත් පසු දවසක ඔබ ඉහත නම් කියවූ එක නමක් නොමැතිව (මොකද එතුමා මට බල්ලා කියා ආමන්ත්‍රණය කල නිසා) අටමා කාමියා ඔබත් මාතලන් මෙන්ඩා සමග සහ තවත් බ්ලොග් ලොවේ කිහිප දෙනෙක් සමග හමු වීමක් අපේක්ෂා කරමි.🥃🔨

    ReplyDelete
    Replies
    1. එදාට ගහනවා කන සාක්කුවට වැටෙන්නේ

      Delete
    2. බුදු මෙන්ඩෝ.. මට කරන උදව්වක් විදිහට පරිස්සමින් ගෙදර පලයන්. උබේ ගානෙ මන වෙනුවෙන් අටම මාතලන්ට චියර්ස් කරලා එක ෂොට් එකක් ගහපන්.. 👊🏽

      Delete
    3. ටික්කෝ මලේ, උඹට සිංහල තේරෙන්නේ නැති එකට මක් කොරන්නද . "බලු කතාවක්" කිව්වා කියල චෝදනා කිරීමයි කෙනෙකුට "බල්ලෙක්" කියා ඇමතීමයි දෙකක්. "Ohege balu katahvata pilithuru" කියන හෙඩිමේ තියෙන්නේ "ඔහේගේ බලු කතාවට". ඒ කියන්නේ පහත් කතාවට. ඒකෙන් ඔහේ බල්ලෙක් කියල නැහැ නොව. ඔබතුම කිව්ව කතාව මොකක්ද කියල තුමාම දන්නවනේ. හිත රිදුන නම් සොරි. නමුත් බලු කතාවක් කියන්න පහත කටහ්වක් කලා කියන එක. මම කිව්වනේ කොපි කෝප්පයක් බොන්න හමුවෙමු. හමුවෙලා කතා කරමු එතකොට විසඳ ගන්න පුළුවන් කියල. ඔය මහතාම නොව එන්නේ නැත්තේ.

      Delete
    4. අනිවා උබ වෙනුවෙන් අඩියක් ගැහ්නවමයි

      Delete
  14. මගේ නම ලියන්ඩ මං කරපු දෙයක් ඇතැ

    ReplyDelete
  15. සුභ පැතුම්..!
    ජයවේවා..!!

    ReplyDelete
  16. හයයි තිහට විතර එන්නං

    ReplyDelete
  17. //වතුර සහ කඳුළු ගෑස් නොමිලේ.// හි හී හා හා.

    ReplyDelete
  18. අපි දෙකටම යනවා.

    ReplyDelete
  19. පැකේජ් එක හොදයි දෙකටම සහභාගි වෙනවා

    ReplyDelete
    Replies
    1. හැබෑට ඔව් නේන්නං මාත් එනවා එහෙනං :) :) කෑමත් එක්ක 1000ක් නේ???

      Delete
  20. ස්තූතියි ඉයන්.

    ReplyDelete
    Replies
    1. ඉස්තුති කරන්න එපා අජිත් අයියන්ඩි මේක ඔයා මුලික උනාට අපේ දෙයක් ...ඒ වෙනුවෙන් අපි කරන දේවල් මදි කියලා මට හිතෙන්නේ ..කමියගෙන් අහලා මම එදාට වේලාසනින් එනවා උදව්වක් ඕන උනොත් කරන්න බලාගෙන

      Delete
    2. ස්තූතියි මෙන්ඩා. මුලික වුනෙත් මම විතරක් නෙමේ.

      Delete
  21. ඉයන්
    මේ බ්ලොග් කාරයින් බොහෝ විට කථා කරන විවෘත්ත ස්වභාවයට කැමැති නිසා මමත් බ්ලොග් කියවන්නෙක් වුනා. ඒ වගේම දේශපාලන විචාර වලදීත් තමන් දරන මතය නියෝජනය කරමින් ඒත් සත්‍ය වාදීව කථා කරන බොහෝ දෙනෙක් මම මෙතැනදී දැක්කා. උදාහරණ ලෙස මාතලන්, වෛද්‍ය රුවන්, අජිත් ධර්ම වැනි අය දැක්විය හැකියි.
    ඒත් ඔබගේ ආරාධනාවේදීම ඊනියා යහපාලනයට කඩේ නොයන උන්ව පහත් තලයකට ඇද දමා අපහාසාත්මක භාශවකින් එය කිරීම කොතරම් සාධාරණද?
    ඒකාබද්ධ විපක්ශයේ වැඩ පිලිවෙල හෝ එහි සිටිනා අයගේ තත්වය කුමක් වුවත් ඒකාබද්ධ විපක්ශයට පාර්ලිමේන්තුව තුල සලකන ආකාරය පැහැදිලි ලෙසම ජන මතය විකෘත්ති කර පවත්වාගෙන යන ප්‍රජාත්න්ත්‍ර විරෝධී අමන වැඩක් ලෙස මම දකිමි.
    මා තුලද නෙළුම්යාය බැලීමට ඒමේ කැමැත්තක් තිබුනත් මේක දුටු විට එතැනදීත් සැබ ජන මතය අවමානයට පත් කිරීම් හා අපුල දනවන දේශ්පාලන කථා අසන්නට සිදු වේයැයි සිතෙනවා.
    එම නිසා මා එම අදහස අත්හැර දැමීමට තීරණය කලා.
    මේ දැනුවත් භාවය ලබා දුන්නාට ඔබට තුති

    ReplyDelete
    Replies
    1. නයනේ ම්ම හිතන්නේ ඒක අපහාසයට නොව උපහාසයකට කියූවක් කියල. එක්තර බ්ලොග් අඩවි ම්කිහිපයකින් නෙළුම් යාය සංවිධානයට උපහාසාත්මක යැයි දැඩි අපහාසාත්මක භාෂාවකින් කතා කෙරෙනේවනේ. මේ පොඩි පිළිතුරක් වෙන්නත් ඇති. මේක ඒ තරම්ම දරුණුවට ගන්න එපා . මම හිතන්නේ දේශපලන කතා නොකෙරේවි කියල. එදාට ප්‍රධාන දේශනය කරන්නේ මහින්ද දේශප්‍රිය මහත්මයා. ඔහු ස්වාධින බවයි මම නම් හිතන්නේ. හැකිනම් එන්න.

      Delete
    2. එන්න අපි එදාට දේශපාලනය කතා නොකර අඩියක් ගහමු

      Delete
  22. how to participate this? Do I have to register for it? How about ticket prices?

    ReplyDelete
    Replies
    1. සහභාගී වන අයට වතුර සහ කඳුළු ගෑස් නොමිලේ.

      Delete